Site icon Radioeka

වැරදි ගොඩකට පී.සි දෙන්නාගේ වැඩ තහනම්

The short URL of the present article is: https://radioeka.lk/wlh8

අපකීර්තිදායක හැසිිරිම, අණට අකිකරුවිම, රාජකාරි පැහැර හැරිම යන චෝදනා යටතේ ඇල්පිටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින්  වහාම ක්‍රියාත්මක වන පරිදි අම්බලන්ගොඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වැඩ තහනම්කර ඇත.

ඇල්පිටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි.යූ.කේ.ලොකුහෙට්ටි මහතාගේ නියෝග පරිදි අද උදැසන වැඩ තහනම් කිරිමේ නියෝග නිකුත් කර ඇත.

මෙසේ වැඩ තහනම්කර ඇත්තේ පසුගිය 13වනදින වි.පී.එන්.ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේ සහ දුරකතන ක්‍රියාකරු ලෙස සේවය කරන ලද කොස්තාපල්වරයාගේය.

අම්බලන්‍ගොඩ පොනදුව පදිංචි සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අගම්පොඩි සජිත් සමන් ප්‍රියන්ත හෙවතත් සමන් කොල්ලා යන අයගේ නිවසට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ වෙඩි තැබිම සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් අංශයට(119) ලැබුණ පනිවුඩය පිළිබඳව මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා දැනුවත් නොකිරිම මත මෙම වැඩ තහනම සිදුකර ඇති බව දකුණු පළාත්බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති කාරයාලය පවසයි.

(ඩී.ජී. සුගතපාල)

Exit mobile version