Site icon Radioeka

රෝෂාන් රණසිංහගේ ඇමැති පට්ටම් ගලවයි

The short URL of the present article is: https://radioeka.lk/1ex0

ක්‍රීඩා, යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරවලින් ඉවත් කර තිබේ. 

මේ බව සදහන් කළ ලිපිය ජනාධිපතිවරයා රොෂාන් රණසිංහ මහතා වෙත මීට සුළු වේලාවකට පෙර ලබාදී ඇති බව රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර, ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අද (නොවැ. 27) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් රජයෙන් ඉල්ලා සිටියේ, තමන්ගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බැවින් ජීවිතාරක්ෂාව ලබා දෙන ලෙස ය.

“කතානායකතුමනි, මේක දේශපාලනයේ නව ඊරාවක් වෙන්න පුළුවන්. ඒ ඊරාව තුළ මගේ ජීවිතය නැති වෙන්න පුළුවන්. මාව මහ මග මරලා දාන්න පුළුවන්. ඒක හෙට ද, අද ද, අනිද්දා ද දන්නේ නෑ. ඒකට ජනාධිපතිවරයාත්, සාගල රත්නායකත් වගකියන්න වෙයි. මේවා කපන්න එපා හැන්සාඩ් එකෙන්. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා අපෙන් පළිගන්න ද කියන ප්‍රශ්නය තියෙනවා.”

Exit mobile version