Site icon Radioeka

යතුරුපැදි මිලදී ගත් ජනතාව අනාථයි.!

The short URL of the present article is: https://radioeka.lk/ub06

විදේශයන්හි සිට අමතර කොටස් ලෙස මෙරටට ආනයනය කර මෙරටදී කොටස් එකලස් කර යතුරුපැදි ලෙස ව්‍යාජ ලියවිලි සහිතව විකිණීමේ මහා පරිමාණ ජාවාරමක් හඳුනා ගැනීමට වලාන දූෂණ මර්දන අංශය ඊයේ (25) සමත්ව ඇත.

මෙම ජාවාරමට හසුවී යතුරුපැදි මිලදී ගත් පාරිභෝගිකයන් එම යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකිව මහත් අසරණ තත්ත්වයට පත්ව ඇති බව පොලිසිය කියයි, කෙසේවෙතත් මෙම නීති විරෝධී බලපත්‍ර සහිත යතුරුපැදි විකිනීම මෙන්ම මිලට ගත් අයත් මෙරට නීතියට අනුව විශාල වරදක් සිදුකර ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

ඔවුනට භාණ්ඩ සහ මුදල් දෙකම අහිමි වී නීතිමය කටයුතු සඳහා පෙනී සිටීමටද සිදුව ඇති බව වාර්තා වේ.

කුරුණෑගල, වාරියපොල, මාස්පොත හා නාත්තන්ඩිය යන ප්‍රදේශ මූලික කරගනිමින් මෙලෙස යතුරුපැදි එකලස් කර විකුණන මධ්‍යස්ථාන 4ක් ඊයේ දිනයේදී හඳුනාගෙන ඇති අතර

එහිදී එලෙස ව්‍යාජ ලෙස සකසා විකිණීමට තිබූ යතුරු පැදි 45ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

ජාවාරම්කරු විසින් මෙසේ එකලස් කළ යතුරුපැදි ජපානයේ නිෂ්පාදිත යතුරුපැදි බවට ව්‍යාජ ලේඛන සකස් කර අළෙවි කරන බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

unusuma

Exit mobile version