Site icon Radioeka

මුහුදේ සැඟවූ රන් කිලෝ හතරක් ගොඩගැනේ

The short URL of the present article is: https://radioeka.lk/qpd2

පුත්තලම කලපුවේ, බත්තලංගුණ්ඩුව දූපත අසල මුහුදේ ජාවාරම්කරුවන් විසින් ගිල්වා තිබූ බවට සැක කෙරෙන රත්‍රං කිලෝ හතරකට අධික පාර්සලයක් සමග සැකකරුවන් දෙදෙනකු ෙ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 ක් සහ 35 ක් වන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් නාවික හමුදාව කියයි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව මෙම මෙහෙයුම සිදු කෙරිණි

ජාවාරම් කරුවන් විසින් නීති විරෝධී ලෙස මෙම රත්‍රං තොගය පසුව රැගෙන යාමේ අපේක්‍ෂාවෙන් මෙලෙස ගිල්වා තබන්නට ඇතැයි නාවික හමුදාව සැක පල කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සැකකරුවන්, රත්‍රං සහ ඩිංගි බෝට්ටුව ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

Exit mobile version