Site icon Radioeka

මුලතිව් කතගේ අත කිඹුලා ඩැහැ ගනී

The short URL of the present article is: https://radioeka.lk/tznz

එලුවන්ට බීමට ජලය රැගෙන ඒම සදහා අසල පිහිටි වැවකට ගිය මුලතිව් පුදුකුඩීඉරිප්පු වසන්තපුරම් ප්‍රදේශයේ කාන්තාවකගේ අත කිඹුලකු විසින් සපා කැම නිසා ඇයට සිය දකුණු අත අහිමි වී ඇත.

වසන්තපුරම් ගම්මානයේ පදිංචි 47 හැවිරිදි සාමිනාදන් විසාලක්ෂි නමැති කාන්තාව එලු පට්ටියක් නඩත්තු කරගෙන සිය ජීවිකාව ගෙන යන අතර ඇය එලුවන්ට පානය කිරීම සදහා මුලතිව් පුදුකුඩිරිපු මන්නාකන්දල් වැවෙන් ජලය ලබා ගැනීම සිදු කරයි.
එදිනද ඇය වැවට ගොස් ජලය ලබා ගනිමින් සිටියදී එක්වරම ජලයෙන් උඩට මතු වූ දැවැන්ත කිඹුලකු ඇගේ අත සපා කා ඇත.
වහාම ඇයව පුදුකුඩීඉරිප්ප්පු රෝහල වෙත රැගෙන ගියද ඇගේ අත වෙන්වීමට ආසන්නයේ තිබූ නිසා ඇයව යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා තිබේ.
එහිදී ශල්‍ය කර්මයක් මගින් ඇගේ අත ඉවත් කොට තිබේ.

divaina

Exit mobile version