Site icon Radioeka

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙක් මරුට

The short URL of the present article is: https://radioeka.lk/2k43

කළුතර අවිත්තාව, ඉහළකන්ද ප්‍රදේශයේ ඇතාවැටුණුවල යන ස්ථානයේ දිය නාමින් සිටි පිරිසකගෙන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

මොරටුව ප්‍රදේශයේ ඩෙංගු මර්ධන සහයකයින් පිරිසක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිව්දෙනෙකු අද (25) පෙරවරුවේ මෙම දියවලෙහි දිය නෑමට ගොස් ඇත.

එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනෙකු දියේ ගිලි මියගොස් තිබේ.

මෙලෙස දියේ ගිලි මියගොස් ඇත්තේ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කළ එස්. ගෞතම් සහ එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය එස්. හර්ෂනාත් යන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනාය.

දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණ හෙට (26) දිනයේදී පැවැත්වීමට නියමිත අතර ඉත්තෑපාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

adaderana

Exit mobile version