Site icon Radioeka

මහජන සේවා දුරකථන සියයට 71ක් අක්‍රීයයි

The short URL of the present article is: https://radioeka.lk/l9hb

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන මහජන සේවා සැපයීම සඳහා හඳුන්වා දී ඇති දුරකථනවලින් සියයට 71 ක් නිසිපරිදි ක්‍රියාත්මක නොවන්නේ යැයි පේරාදේණිය විශ්වවිද්‍යාලය කළ සමීක්‍ෂණයකින් හෙළි වී තිබේ.

රාජ්‍ය ආයතනවල ජනතාව වෙනුවෙන් වෙන්කර ඇති දුරකථනවලින් සියයට 29 ක් පමණ නිසි පරිදි ක්‍රියාත්මක වන බවත් දුරකථන සියයට 22 කට කිසිඳු නිලධාරීයෙක් ප්‍රතිචාර නොදක්වන බවත් පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.

එම සමීක්‍ෂණයට ලක්වූ ප්‍රාදේශීය සභා 98 න් සියයට 14 ක දුරකථන අක්‍රීය බවත් සියයට 42 ක් පමණක් ප්‍රතිචාර දක්වන අතර සියයට 45 ක් ප්‍රතිචාර නොදක්වන බවත් මහාචාර්යවරයා කීය. 

(යොහාන් භාසුර)

Exit mobile version