Site icon Radioeka

බස් අනතුරකින් 38 දෙනෙකු ජීවිතක්ෂයට

The short URL of the present article is: https://radioeka.lk/ggg2

ඉන්දියාවේ ජම්මු කාෂ්මීර් ප්‍රාන්තයේ සිදුවු බස් අනතුරකින් පුද්ගලයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

අනතුරින් තවත් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මගීන් 55 දෙනෙකු රැගත් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එම අනතුර සිදුවී ඇත.

තුවාල ලැබුවන් රෝහල්ගත කිරීම සඳහා හෙළිකොප්ටර් යානා ද යෙදවීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබු බවද සඳහන් වෙයි.

Exit mobile version