Site icon Radioeka

පෞද්ගලික අංශයේ අවම සේවක වැටුප ඉහළට

The short URL of the present article is: https://radioeka.lk/xeuk

මෙරට පුද්ගලික අංශයේ සේවකයන්ගේ ජාතික අවම වේතනය රුපියල් 17,500/= ක් සහ ජාතික අවම දෛනික වේතනය රුපියල් 700/= ක් දක්වා ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

මින් පෙර ජාතික අවම වේතනය පැවතුණේ 12,500/= වශයෙන් වන අතර අවම දෛනික වේතනය රුපියල් 500/=ව පැවතුණි.

ඉදිරියේදී වැටුප් වර්ධකයට අදාළ පනත් කෙටුම්පත සම්මත කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන්වේ.

Exit mobile version