Site icon Radioeka

නව උසස් පෙළ පන්ති ආරම්භය ලබන මස 05 වැනිදා 

The short URL of the present article is: https://radioeka.lk/9qtn

අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ, මේවන විට සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටිනා සිසුන් සඳහා නව උසස් පෙළ පන්ති ආරම්භය ලබන මස 05 වැනිදා සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිපල නිකුත් වීමට පෙර උසස් පෙළ පන්ති ආරම්භ සඳහා අනුමැතිය ලබාගැනීම වෙනුවෙන් ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිට යොමු කර ඇතැයිද, අමාත්‍යාංශය සඳහන් කළේ ය.

නව වැඩපිළිවෙළ සඳහා පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගේ එකඟත්වය ලැබී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාශය පවසයි,

ඒ අනුව, සාමාන්‍ය පෙළ දක්වා පමණක් පන්ති පැවැත්වෙන පාසල්වල සිසුන් ආසන්නතම පාසල් වෙත උසස් පෙළ වෙනුවෙන් යොමු කෙරෙන අතර, උසස් පෙළ පන්ති පැවැත්වෙන නමුත්, යම් විෂය ධාරාවක් එම පාසලේ ඉගැන්වීම් සිදුනොවන්නේ නම්, අදාළ විෂය ධාරාව සහිත පාසලකට සිසුන් යොමු කිරීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ පසුගිය කොවිඩ් සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙම වැඩ පිලිවෙල ක්‍රියාවට නංවන බවයි.

Exit mobile version