Site icon Radioeka

ජනාධිපති ධුරය වෙනුවෙන් පුටින් පස් වැනි වරටත්

The short URL of the present article is: https://radioeka.lk/fcxv

වසර 20කට අධික කාලයක සිට රුසියාව පාලනය කරන එරට වත්මන් ජනපති වැලැද්මීර් පුටින් එළැඹෙන ජනාධිපතිවරණයේ දී පස් වැනි වරටත් ජනාධිපති ධුරය වෙනුවෙන් තරග වදින බවට නිවේදනය කර තිබේ.

ඔහු මේ බව පැවසුවේ, රුසියානු සොල්දාදුවන් වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවකදීය.

71 හැවිරිදි පුටින් නැවතත් ජනාධිපති ධුරයට පත්වනු ඇතැයි විශේෂඥයන් මත පළ කරන අතර, එය නිසැක ජයග්‍රහණයක් ලෙසට ඔවුහු පෙන්වා දෙති.

2000 වසරේ දී රුසියානු ජනාධිපති ධුරයට පත් ව්ලැද්මීර් පුටින්, මේ වනවිට වසර 20කට අධික කාලයක සිට රුසියාව පාලනය කරයි.

ඒ අනුව ඔහු වාර්තා අතරට එක්වන්නේ, ජෝසප් ස්ටාලින්ට පසු ව වැඩිම කාලයක් රුසියාව පාලනය කළ නායකයා ලෙසයි.

රුසියාවේ වසර 04ක් ලෙස පැවති ජනාධිපති ධුර කාලය 2020 දී ව්‍යවස්ථා සංශෝධනයකින් වසර 06ක් දක්වා දීර්ඝ කෙරිණි.

ඒ අනුව, 2024 ජනාධිපතිවරණය ජනාධිපති පුටින් ජයගත හොත් ඔහුට 2030 දක්වා රුසියානු ජනාධිපති ධුරය දැරීමට අවස්ථාව හිමිවනු ඇත.

2024 රුසියානු ජනාධිපතිවරණය ලබන වසරේ මාර්තු 15ත් 17ත් දක්වා දිනයක දී පැවැත්වීමට නියමිතයි.

Exit mobile version