Radioeka

උමාඔය බහුකාර්‍ය සංවර්ධන ව්‍යාපෘතිය අප්‍රේල් 24 දින ජනතා අයිතියට

The short URL of the present article is: https://radioeka.lk/qh9k

2010 වසරේ නිල වශයෙන් ආරම්භ කරනු ලැබූ ශ්‍රී මෙරට දැවැන්ත ව්‍යාපෘතියක් වන “උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය” මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත.

මේ වනවිට භූගතව ස්ථාපිත කළ විදුලි බලාගාරයෙන් මෙගාවොට් 120 ක ධාරිතාවයකින් යුතු ජලවිදුලියක් සාර්ථකව ජනනයක් කෙරේ.

පැවති අනේක බාධක හමුවේ වුවද ව්‍යාපෘතියේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යමින්, මෙරට ආර්ථිකයට ප්‍රථිලාභ රැසක් ලබාදීමට හැකිවීම සුවිශේෂී ජයග්‍රහණයක් බවයි වාරිමාර්ග, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කළේ.

අමාත්‍යවරිය මේ බව කියා සිටියේ පසුගිය දා වැලිමඩ ප්‍රදේශයේ පිහිටි පුහුල්පොල හා ඩයරබා ජලාශයන් හා කරඳගොල්ල ‘උමාඔය’ භූගත ජලවිදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ අවස්ථාවේදී ය.

මෙම ව්‍යාපෘතිය හරහා පානීය ජලය,කෘෂිකර්මාන්තය සඳහා ජලය, ජල විදුලිය ආදී බොහෝ ප්‍රතිලාභ මෙරට ජනතාවට හිමිවනු ඇත.

එමඟින්, මොණරාගල හා හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි කුඹුරු අක්කර 45000ක් සඳහා යල මහ දෙකන්නයටම අවශ්‍ය වාරි ජලය සැපයීමට නියමිතයි. 

ඒ අනුව උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ලබන 24 වැනිදා ජනතා අයිතියට පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසිගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතයි. 

ඉරාන රජයේ ඇ:ඩො: මිලියන 514 ණය ආධාරයක් මගින් මෙම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු නිම කිරීමට ඇස්තමේන්තු කර තිබූ නමුත්, ඉරානය වෙත අමෙරිකාව විසින් පනවන ලද සම්බාධක හේතුවෙන් ව්‍යාපෘතිය සඳහා ඇ. ඩො. මිලියන 50ක්වූ පළමු වාරිකය ලබාදීමෙන් පසු එම ණය ආධාර මුදලේ ඉතිරි මුදල් ඉරාන රජයෙන් ලැබී නැති බවට සඳහන් වේ.

එවන් පසුබිමක මහා භාණ්ඩාගාරයේ අරමුදල් සපයා ගනිමින් මෙම ව්‍යාපෘතියේ කටයුතු නිම කිරීමට කටයුතු කර තිබීම මෙරට ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකේ.

ශමෙරට මෙතෙක් භාවිතා කර නොතිබූ සුවිශේෂී තාක්ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් ඉරානයේ “ෆරාබ්” සමාගම, වාරිමාර්ග අමාත්‍යාංශයේ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ විදුලිබල මණ්ඩලයේ නිලධාරින් මේ සඳහා දායකත්වය සපයා ඇති බවද වැඩිදුරටත් සඳහන්.

Exit mobile version