Radioeka

අධ්‍යාපන අමාත්‍යංශයේ නිළ වෙබ් අඩවිය හැක් කරයි.!

The short URL of the present article is: https://radioeka.lk/551i

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය හැකර්වරුන් ග්‍රහණයට ලක්ව ඇත.

ඔවුන් සඳහන් කර ඇත්තේ තමන් උසස් පෙළ අධ්‍යාපනය ලබන සිසුවකු බවත් අනවසරෙන් ප්‍රවේශ වීම ගැන කනගාටුවන බවත්ය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

කෙසේ වෙතත් ඉන් අමාත්‍යාංශ වෙබි අඩවියේ දත්තවලට හානියක් සිදුවී නොමැති බව මේ වනවිට කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

Exit mobile version