Site icon Radioeka

අතුරුදන්ව සිට සොයාගත් දැරියගෙන් විශේෂ හෙළිදරව්වක්

The short URL of the present article is: https://radioeka.lk/3q33

මාස තුනක් තිස්සේ අතුරුදන්ව සිටි දිවුලපිටිය කෝංගඩමුල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි දැරියක් බඩල්ගම පොලිසිය විසින් අද කටුනායකින් සොයාගනු ලැබීය.

ඇය පොලීසියට පවසා ඇත්තේ තම මව විසින් තමාව විදේශිකයෙකුට බලහත්කාරයෙන් විවාහ කරදීමට දැරූ උත්සාහයක් නිසා තමන් නිවස හැර ගොස් සැඟව ජීවත් වූ බවය.

දිවුලපිටිය කෝංගඩමුල්ල ප්‍රදේශයේ වයස අවුරුදු 17ක දැරියක් පසුගිය වසරේ දෙසැම්බර් මස සිට අතුරුදන් බවට එම දැරියගේ මව බඩල්ගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණි.

ඊට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය දැරිය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කළේය.

දැරිය කටුනායක අමන්දලුව ප්‍රදේශයේ සිටින බවට පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ ඒ අතරතුරදීය.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අමන්දලුව ප්‍රදේශයට ගොස් ඇයට සහාය දැක්වූ තවත් පුද්ගලයෙකුද සමගින් ඇයව සිය භාරයට ගෙන ඇත.

බඩල්ගම පොලිස් ස්ථානයට රැගෙන ආ දැරිය සිය නිවසින් පැනයාමට හේතුව ස්ථානාධිපතිවරයාට ප්‍රකාශ කළාය.

මාස තුනක කාලයක් ඇය විටින් විට රැඳී සිටි ස්ථාන පිළිබඳත් ඇය පොලිසියට කරුණු සඳහන් කළාය.

දැරිය මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

derana

Exit mobile version