Site icon Radioeka

හඳුනා නොගත් අද්භූත වස්තුවක් සැරිසැරීමෙන් ඉම්ෆාල් ගුවන් තොටුපළ වසා දැමේ

The short URL of the present article is: https://radioeka.lk/4tun

හඳුනා නොගත් අද්භූත වස්තුවක් ඉන්දියාවේ මනිපුර් ඉම්පාල් ගුවන්තොටුපලට ඉහළ අහසේ සැරි සරා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එම අද්භූත වස්තුව CISF නිලධාරීන් විසින් දැක ඇති අතර පස්වරු 2.30 ට පමණ ගුවන්තොටුපල මෙහෙයුම් නවතා ඇති අතර පිටතට යන ගුවන් ගමන් තුනක මගීන් 500ක් පමණ අතරමං වූ බවද සදහන් කරයි.

එනිසා එම ගුවන් තොටුපල කටයුතු පැය කිහිපයකට අඩපණ වී ඇති අතර මගී ගුවන් යානා තුනක් ගුවන්ගත කිරීමට නොහැකිව පැය කිහිපයක් ගුවන්තොටුපළේ රඳවා තැබීමට කටයුතු කර ඇත.

තවද මනිපුර් ඉම්පාල් ගුවන්තොටුපලට පැමිණි ගුවන් යානා දෙකක්ද ආසන්න ගුවන් තොටුපලවල් වෙත හරවා යැවීමටද ඉන්දීය බලධාරීන් කටයුතු කර ඇත.

Exit mobile version