Site icon Radioeka

සුපිරි ඒඩා බෙලා කොළඹ වරායට.!

The short URL of the present article is: https://radioeka.lk/yinb

ඒඩා බෙලා සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව මගීහු 1900 ක් සහ 730 කාර්ය මණ්ඩලයක් රැගෙන (09) දින කොළඹ වරායට සේන්දු විය.

ඒඩා බෙලා පසුගිය (01) වැනිදා ඕමානයේ ඛසාබ් වරායෙන් ගමන් ආරම්භ කර ඇති අතර මහල් 12ක් සහ කාමර 1025 කින් සමන්විත වන අතර මගීන් 2500 කට පහසුකම් සැලසීමට හැකියාව ඇත.

ඉතාලි ධජය යටතේ යාත්‍රා කරන මෙම ඒඩා බෙලා මගී ප්‍රවාහන නෞකාව පසුගිය 2008 වසරේදී ඉතාලියේදී නිෂ්පාදනය කර ඇත.

මෙම නෞකාවේ සමාජ ශාලා, බීමහල් 12 කින් සහ විවේකාගාර 03 කින් සමන්විත වන අතර නෞකාවේ අවන්හල් 07ක් සහ පිහිනුම් තටාක 08ක් තිබෙන බවද සදහන් කරයි.

Exit mobile version