Site icon Radioeka

සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්සැප් ඔස්සේ මුදා හැරලා.. සැකකාර ගුරුවරයා අතඩංගුවට.!

The short URL of the present article is: https://radioeka.lk/9jy7

පසුගියදා පැවති අ.පො.ස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි භාෂා විභාග ප්‍රශ්න පත්‍රය වට්සැප් ඔස්සේ මුදාහළ බවට චෝදනා එල්ලවූ උපකාරක පන්ති ගුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් අද (12) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර උපකාරක පංති ගුරුවරයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පසුගිය 09 වනදා පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර කාලසටහනට අනුව ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබාදී තිබුණේ උදෑසන 8.30ට වන අතර සැකකාර ගුරුවරයා විසින් එම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය උදෑසන 9.11ට පමණ වට්ස්ඇප් සමූහ වෙත මුදාහැර ඇති බව විමර්ශන වලින් තහවුරු වී ඇත.

එම ප්‍රශ්න පත්‍රය මුදාහළ වට්ස්ඇප් සමූහයේ සාමාජිකයින් 1,025 දෙනකු සිට ඇති බව බවටද මූලික විමර්ශනවලින් හෙළි වී තිබේ.

නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වි‍ශේෂ විමර්ශන ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Exit mobile version