Site icon Radioeka

“සතියක් ඇතුළත මරා දමනවා” මහින්දට ප්‍රසිද්ධියේ මරණ තර්ජන…

The short URL of the present article is: https://radioeka.lk/px7z

හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ කොළඹ 07 පිහිටි නිවස ඉදිරිපිට කෑගසමින් කලහාකාරී ලෙස කටයුතු කළ පුද්ගලයෙක් කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කලහාකාරී ලෙස නිල නිවස ඉදිරිපිට එම පුද්ගලයා කෑ ගසන අයුරු අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකු දැක ඒ සම්බන්ධව කුරුදුවත්ත පොලිසියට දැනුම් දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 36 හැවිරිදි මෙම පුද්ගලයා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ සතියක් ඇතුළත සොයා ගැනීමට නොහැකි වන ආකාරයට මරා දමන බවට කෑගසා ඇති බව පොලිසිය සඳහන් කරයි.

Exit mobile version