දෙහිවල නැදිමාල ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදවෙල පඤ්ඥාසේන හිමියන්ට හා එම විහාරස්ථානයේ වැඩවාසය කරන උත්තරානන්ද හිමියන්ට මෙන්ම තවත් හිමිනමකට ද හත් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ පහරදී ඇත.
අද (01) පස්වරුවේ 5.30ට පමණ විහාරස්ථානයට හදිසියේ ඇතුලු වූ හත් අට දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තමන්ට හා විහාරස්ථානයේ තවත් දෙනමකට පහරදුන් බව විහාරාධිපති හිමියන් පවසයි.
විහාරාධිපති හිමියන්ට බරපතල ලෙස පහරදී ඇති අතර විහාරස්ථානයේ උපකාරක පංති පවත්වාගෙන යන උත්තරානන්ද හිමියන්ටද මෙලෙස පහර කෑමට ලක්ව ඇත.ඒ අතර අනිත් හිමි නමගේ බෙල්ලෙන් අල්ලා තල්ලුකර ඇති බවද වාර්තාවේ.
විහාරාධීපති හිමියන්ගේන් මේ පිළිබඳව විමසූවිට උන්වහන්සේ පවසා සිටියේ, විහාරස්ථානය ආසන්නයේ අද පැවති අවමංගල්‍යකට සහභාගීවී ආගමික වතාවත් සිදුකර පැමිණි බවත්, මියැදුනාට පසු පැමිණ බණ කියනවාට වඩා මියැදෙන්නට පෙර බලන්නට නොපැමිණීම හේතු කොටගෙන උරනවී සිටි මියගිය පුද්ගලයාගේ ඥාතියෙකු එසේ බැනවදිමින් පහරදුන් බවයි.
අදාල පුද්ගලයා අත්ඩංගුවට ගැනීමට මේ වනවිටත් කටයුතු කර ඇතිබවත් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව දෙහිවල පොලීසිය පවසයි.
No Comment! Be the first one.