Site icon Radioeka

මහා හඬ පෞරුෂය, අසෝක තිලකරත්නයන් දිවියෙන් සමුගනී

The short URL of the present article is: https://radioeka.lk/x6s0

ප්‍රවීණ නිවේදක සහ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී අශෝක තිලකරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබේ. නීති ශිෂ්‍යයකුව සිටි කාලයේ ගුවන් විදුලියට ඔහු සම්බන්ධ වූයේ 1967 සිටය. ඉංග්‍රීසි සේවයේ සහන නිවේදකයෙකු ලෙස ඇතුළත් විය.
ඔහු ගුවන් විදුලි කලාවට ආසා කළ නිසා නීතීඥයෙකු වීමේ ආසාව අත්හලේය. පසුව ඔහු සිංහල අංශයේ සහන නිවේදකයෙකු ලෙස එක් විය. ප්‍රවෘත්ති නිවේදකයෙකු ලෙසද කටයුතු කලේය.

ඒ මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට අශෝක තිලකරත්න මහතා 82 හැවිරිදි වියේ පසුවිය.
ලක්හඩ ගුවන් විදුලිය 1990 දශකයේ අරඹන විට ඔහු එහි සමාරම්භක වැඩසටහන් කළමනාකරු විය. නිෂ්පාදකයෙකු වැඩසටහන් සම්පාදක විස්තර විචාරක ආදී ලෙස විවිධ කටයුතු කළේය.
ගුවන් විදුලි වැඩසටහන් පමණක් නොව ගුවන් විදුලි තාක්ෂණ ශිල්පයද ඔහු ප්‍රගුණ කලේය.
ශනිදා සාදය ඔහුගේ ජනප්‍රිය වැඩසටහන් අතරින් එකකි.

Exit mobile version