Site icon Radioeka

බැසිල් මැතිවරණ කටයුතු අරඹයි..!

The short URL of the present article is: https://radioeka.lk/4irm

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත රැස් කිරීමට පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ තීරණය කර ඇත.

පොදුජන පෙරමුණ පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත අතර ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිතව ඇත.

බැසිල් රාජපක්ෂ මේ දිනවල පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් සාමාජිකයින් හමුවීම සිදු කරන අතර ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම දිස්ත්‍රික්ක වශයෙන් මන්ත්‍රීවරුන්ට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කරන බව වාර්තා වේ.

Exit mobile version