බංග්ලාදේශ අගමැතිනි ඉන්දියාවට පලායයි.. රටේ පාලනය හමුදාපති යටතට.!
බංග්ලාදේශ අගමැතිනි ශෙයික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඉන්දියාවේ ත්‍රිපුර ප්‍රන්තයේ අගර්තාලා වෙත පලාගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අගමැතිනි ශෙයික් හසීනා ධුරයෙන් ඉවත්වී ඉන්දියාවට පළායාම හේතුවෙන් බංග්ලාදේශයේ අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන බව එරට හමුදා ප්‍රධානී ජෙනරාල්වරයා සදහන් කරයි.
අගමැතිනි ඉල්ලා අස්වී සිය නිල නිවසින් පිටව ගිය පසු විරෝධතාකරුවන් නිල නිවසට කඩා වැදී ඇති අතර ඔවුන් අගමැතිවරියගේ නිල නිවසේ තිබූ බඩු භාණ්ඩ රැගෙන පිටව යන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් සම්බන්ධයෙන් විසඳුමක් අද (05) රාත්‍රියේ ලබා ගැනීමට අපේක්ෂා කරන බව එරට හමුදා ප්‍රධානී ජෙනරාල්වරයා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කරයි.
කෙසේ වෙතත් මේ වන විට බංග්ලාදේශයේ පාලනය එරට හමුදා ප්‍රධානී ජෙනරාල්වරයා යටතේ පවතියි.