Site icon Radioeka

පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට ශ්‍රී ලංකාවේ අවධානය

The short URL of the present article is: https://radioeka.lk/i4rk

පාවෙන න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලයේ සභාපති මහාචාර්ය එස්. ආර්.ඩී.රෝසා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනයේ නිලධාරීන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව සදහන් කරයි.

දැනට පවතින නීතිය අනුව ශ්‍රී ලංකාවට න්‍යාෂ්ටික බලාගාරයකින් විදුලිය සැපයුම ලබාගැනීමට හැකියාවක් නොමැති බැවින් ඒ සදහා ජාත්‍යන්තර පරමාණු බලශක්ති ආයතනයේ නීති කටයුතු කාර්යාලයේ න්‍යෂ්ටික සහ ගිවිසුම් නීති අංශයේ ප්‍රධානි ඇන්තනි වෙදෙරෝල් ඇතුළු නියෝජිතයින් සිව්දෙනෙකු පසුගියදා මෙරටට පැමිණියේය.

ඒ අනුව ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන අධිකාරියේ දැනට පවතින නීතිය වෙනස් කිරීම සඳහා කෙටුම්පත් සකස් කිරීමට අවශ්‍ය බවත් මෙගාවොට් 400ක පමණ පාවෙන න්‍යෂ්ටික විදුලි බලාගාරයක් කෙරෙහි ශ්‍රී ලංකාවේ අවධානය යොමුව ඇති බවද සභාපතිවරයා සදහන් කරයි.

Exit mobile version