Site icon Radioeka

නිසියාකාර මහජන සේවාවක් නැති කමින් රජයෙන් මුදල් දීම අත්හිටුවයි.!

The short URL of the present article is: https://radioeka.lk/di65

ඇතැම් නිලධාරීන්ගෙන් නිසියාකාර මහජන සේවාවක් නොවන බැවින් පළාත් පාලන ආයතනවල කටයුතු සඳහා රජයෙන් මුදල් දීම අත්හිටුවීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

පළාත් පාලන ආයතනවල නිසියාකාර මහජන සේවාවක් නොවන බවට දිගින් දිගටම පැමිණිලි ලැබෙන බවත් එම නිලධාරීන් සිය ගමන් වියදම්, අතිකාල දීමනා ආදිය සභාවේ මුදලින් ලබාගන්නා බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කරයි.

පළාත් පාලන ආයතන සියල්ල ශ්‍රේණිගත කිරීමට කටයුතු කරන බවත් නිසියාකාර මහජන සේවාවක් ඉටු නොකරන පළාත් පාලන ආයතන පිළිබඳව සොයා බලා ඒවායේ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සදහන් කරයි.

පළාත් පාලන ආයතනවල කාර්යක්ෂමතාවය පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගිය දිනවල සමීක්ෂණයක් කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

Exit mobile version