දුම්වැටි අලෙවිය 2024 වර්ෂයේ පළමු මාස 08 ක කාල සීමාවේ දී පහත වැටීම නිසා දුම්වැටි මත පනවනු ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 71.6 දක්වා 10.8% කින් පහළ ගොස් ඇති බැව් පූර්ණ මැතිවරණ අය වැයේ තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුව විසින් මහ බැංකුවට ඉදිරිපත් කරන ලද කාර්ය සාධක වාර්තාවෙන් අනාවරණය වේ.
සියලුම දුම්වැටි වලට අදාළ නිෂ්පාදන බද්ද මෙම වර්ෂයේ ජනවාරි සිට බල පැවැත්වෙන පරිදි 14% කින් ඉහළ දමන ලද අතර දුම්වැටිවල අලෙවිය දුම්වැටි මිලියන 1,228 දක්වා 21.8% කින් පහළ ගොස් තිබුණි.
ඉකුත් වර්ෂයේ මාස 8කදී (2023 ජනවාරි 01 වැනි දා සිට අගෝස්තු මස 30) නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.3 කි.
– චන්දන සමරවික්රම
The short URL of the present article is: https://radioeka.lk/36zo
No Comment! Be the first one.