Site icon Radioeka

ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි

The short URL of the present article is: https://radioeka.lk/sa3h

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඩුබායි ගුවන්තොටුපොළට ජලයෙන් යටවීම හේතුවෙන් ගුවන් ගමන් අඩපණ වී ඇත. ගුවන් තොටුපොළ කටයුතු පැය කීපයකට සම්පූර්ණයෙන්ම අකර්මර්ණය විය.

ඩුබායි බලා යන ගුවන් යානා සියල්ල වෙනත් ගුවන්තොටුපොළ වෙත හරහා යවා ඇති බවත්, මගීන්ට එම ගුවන්තොටුපොළවල සිට ඩුබායි හි ඔවුන්ගේ ගමනාන්ත වෙත යෑමට බස් රථ ලබා දීමටත් ‘ෆලයි ඩුබායි’ ගුවන් සේවයේ බලධාරීන් කටයුතු කර තිබේ.

ඩුබායි ගුවන්තොටුපොළට පැමිණීමට නියමිත මගී යානා බොහොමයක්, අයහපත් කාලගුණය හේතුවෙන් පැය 5 කට ආසන්න කාලයක් උඩු ගුවනේ පියාසරකරමින් සිට පසුව වෙනත් ගුවන්තොටුපොළවලට ගොඩබෑ බව ද පැවැසෙයි.

 (අල් ජසීරා)

Exit mobile version