Site icon Radioeka

ඩිල්ෂාන්ගේම අඩි පාරේ යන දියණිය… වික්ටෝරියා ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගනී

The short URL of the present article is: https://radioeka.lk/7grd

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩක ටී.එම්. ඩිල්ෂාන්ගේ සහ රංගන ශිල්පිනී මංජුලා තිළිණිගේ වැඩිමල් දියණිය, ලිමන්සා තිලකරත්න ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත වයස අවුරුදු 16න් පහල ක්‍රිකට් කණ්ඩායමේ පළමු 11 දෙනා අතරට තෝරාගෙන තිබේ. 

පසුගිය සති අන්තයේ පැවති තරඟවලදී ද ලිමන්සා කැපීපෙනෙන දස්කම් දක්වා ඇත. 

අවසන් වරට ක්‍රිඩා කළ තරඟ තුනේදී ලකුණු 45, 72* සහ 63* පිත්තෙන් සහ පන්දුයැවීමෙන් කඩුළු තුනක්ද දවා ගැනීමට ඇය සමත්ව තිබේ.

ඇය නියෝජනය කරන්නේ ලෝක ප්‍රකට මෙල්බර්න් ක්‍රිකට් සමාජයයි (MCC).

ලිමන්සා, ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Premier මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි ලාබාලතම ක්‍රීඩිකාවයි.

Exit mobile version