ජාතික ජන බලවේගය “එක්ව අත් නොහැර” මනුෂ්‍යත්වයේ යුක්තිය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වයි.!
ඊයේ (03) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැති “එක්ව අත් නොහැර” – ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සහ වැඩපිළිවෙළ එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් ජාතික ජන බලවේගය නායක අනුර දිසානායක මහතා පවසා සිටියේ මනුෂ්‍යත්වයේ යුක්තිය පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රකාශය මාලිමාව විසින් එළිදැක්වූ වගයි.
එහිදී රැස්ව සිටි පිරිස අමතා අනුර දිසානායක මහතා පවසා සිටියේ ආබාධ සහිත පුද්ගලයන් කෙරෙහි ඇති සමාජ වගකීම කිසිසේත් අත් නොහරින ආණ්ඩුවක් ජාතික ජන බලවේගය යටතේ ගොඩනගනා බවයි.
එමෙන්ම දේශපාලන පක්ෂයක් විසින් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක ඇති වැදගත්කම පෙන්වා දුන් අනුර දිසානායක මහතා, අතීතයේ දේශපාලන පක්ෂ විසින් ප්‍රතිපත්ති ප්‍රකාශයන් සම්බන්ධව ජනතාවගේ ඇති ආකල්ප දූෂණයට ලක් කර ඇති බව සඳහන් කළේය.
ප්‍රතිපත්ති ප්‍රකාශයක් යනු ජනතාව සහ දේශපාලනඥයා අතර පවතින එකඟතාවය බව පෙන්වා දුන් අනුර දිසානායක මහතා අවධාරණය කර සිටියේ මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විශ්වාසය අබමල් රොනකින් හෝ හානිවීමට ඉඩ නොතබනා බවයි.