Site icon Radioeka

ජනතාවට සහන දීමේ විප්ලවය අරඹනවා… ගොඩ පෙරකදෝරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන සජබට ගිය ‘යූ.එන්.පී කාරයන්ට‘ඉඩක් නෑ

The short URL of the present article is: https://radioeka.lk/zm9q

ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් එක්සත් ජාතික පක්ෂයේ පළමු මැතිවරණ ප්‍රචාරක රැලිය ඊයේ  (10) පස්වරුවේ කුලියාපිටියේ දී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ “සැබෑව” ජන රැලිය ආරම්භ විය.

ජනාධිපතිවරයා සිය ධුරයට පත්වීමෙන් අනතුරුව දේශපාලන රැළියක් ඇමතු පළමු අවස්ථාව මෙයයි.

බින්දුවට වැටුණු රට ගොඩ නැගීමට සහය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් මෙන්ම පොහොට්ටුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමගි ජන බලවෙිගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාක්ෂික ජනතාවට ස්තුති කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කරයි.

තමන් ජනාධිපති ධූරයේ වගකීම භාරගත් දින සිට පක්ෂ බේදයකින් තොරව සහාය ලබාදුන් සියලු දෙනාට ස්තූති කරන බවත් තමන් කිසි විටෙක පටු දේශපාලනයට හිර නොවන බවත් අසීරු කාලයක වුවද ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ආරම්භ කරන බව ජනාධිපතිවරයා සදහන් කරයි.

ගොඩ පෙරකදෝරුවන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන සමඟි ජන බලවේගය තුළ දැන් ‘යූ.එන්.පී කාරයන්ට‘ ඉඩක් නැතැයි කී ජනාධිපතිවරයා සජබෙට ගිය සියලු පාක්ෂිකයන්ට නැවත මහ ගෙදරට එන්නැයි විවෘත ආරාධනාවක් කරන බව ද සඳහන් කළේය. ජනතා සහන දීමේ විප්ලවයක් ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා කීය.

Exit mobile version