Site icon Radioeka

ජනතාවට රාජ්‍ය ආයතනවලට නොයා නිවසේ සිට සේවාවන් ලබා ගන්න අවස්ථාවක්

The short URL of the present article is: https://radioeka.lk/o1ss

පරිගණක, ජංගම දුරකථන, ටැබ් ආදී උපාංගයක් ඔස්සේ ඕනෑම තැනක සිට ප්‍රවේශ වී ජනතාවට මෙම සේවාව ලබා ගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සදහන් කරයි.

රාජ්‍ය ආයතන වෙත ගොස් ආකෘති පත්‍ර හෝ පෝරම (Forms) සම්පූර්ණ කර ලබා ගත යුතු සේවාවන් මාර්ගගත ක්‍රමයට සිදු කර ගත හැකි ඩිජිටල් විසඳුමක්, “ඩිජිටල් රාජ්‍ය පෝරම” (Digital Government Forms) නමින් හඳුන්වා දී ඇත.

ඩිජිටල් රාජ්‍ය පෝරම විසඳුම නියමු ව්‍යාපෘතියක් වශයෙන් රාජ්‍ය ආයතන නවයක් කේන්ද්‍ර කර ගනිමින් 2022 වසරේදී දියන් කර ඇති අතර ජනතාවට කාර්යාල වෙත නොපැමිණ නිවසේ සිටම සේවාවන් ලබා ගැනීමට හැකියාව ඇත.

සාම්ප්‍රදායික ලෙස රජයේ කාර්යාල වෙත පැමිණ ආකෘති පත්‍ර ලබා ගැනීම, ඒවා පුරවා ආපසු භාර දීම ආදිය මෙමඟින් මුළුමනින්ම නතර වීම ජනතාවටත්, රාජ්‍ය අංශයටත් වාසි රැසක් අත් කර දෙයි.‍

Exit mobile version