ගිනියාවේ දෙවන විශාලතම නගරය වන N’Zerekore හි පැවති පාපන්දු තරඟයකදී රසිකයින් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 100කට අධික පිරිසක් මිය ගියහ.
“රෝහලේ ඇසට පෙනෙන පරිදි සිරුරු පෙළගස්වා ඇත. අනෙක් අය ශාලාවේ බිම වැතිර සිටිති. මෘත ශරීරාගාරය පිරී ඇත,” එක් වෛද්‍යවරයෙක් AFP පුවත් වෙත පැවසීය.
වෛද්‍යවරයා වාර්තා කළේ “100ක් පමණ මිය ගොස් ඇති” බවත්, තුවාල ලැබූවන් ප්‍රාදේශීය පහසුකම් ඉක්මවා ගිය බවත්ය. දෙවන වෛද්‍ය වෘත්තිකයෙක් “මියගිය දුසිම් ගනනක්” තහවුරු කළේය.
කෙසේ වෙතත්, පාපන්දු තරගයේ විනිසුරුවරයෙකුගේ තීරණයකින් පසු ක්‍රීඩා ලෝලීන් තණතීරුවට පැමිණීම තුළීන් මෙම ගැටුම හටගත් බවට සහ දේශපාලනික මතවාදී තත්ත්වයක් අනුව මෙම ගැටුමට හේතු ලෙස මේ වනවිට වාර්තා වී තිබේ.
ගැටුමෙන් අනතුරුව ක්‍රීඩාංගණයේ මෙන්ම එහි පිටත වීදියේද පුද්ගලයින් මියගොස් සිටි බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
The short URL of the present article is: https://radioeka.lk/6dvl
No Comment! Be the first one.