Site icon Radioeka

කෝටි ගණනක දේපළ විනාශ කළ දංඕවිට ගින්න

The short URL of the present article is: https://radioeka.lk/jjtg

දංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ රබර් ශල්‍ය අත්මේස් හා සාමාන්‍ය රබර් අත් මේස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඇතිවූ ගින්නක් හේතුවෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි දංඕවිට පොලිසිය සඳහන් කරයි.

හදිසියේම මෙම ගින්න ඊයේ රාත්‍රියේ හටගෙන ඇති අතර ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිළධාරීන් විසින් ගින්න නිවීම සදහා කටයුතු කරනු ලැබුවත් එය ප්‍රමාණවත් නොවිම හේතුවෙන් වතුපිටිවල ආයෝජන කලාපයේ ගිනි නිවන රථ දෙකක් හා කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ දෙකක්ද කැඳවීමට පියවර ගනු ලැබීය.

වරින් වර ගින්න මැඩ පැවැත් වුවත් අද අලුයම වන විටත් ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට හැකියාවක් ලැබී නොතිබුණි.

ගින්න හේතුවෙන් කිසිවකුට තුවාල හෝ ජීවිත හානි සිදු නොවූ අතර ගින්න හේතුවෙන් රුපියල් කෝටි ගණනක දේපළ විනාශයක් සිදුව තිබේ. මෙම කර්මාන්ත ශාලාවේ කොටසක් මීට මාස කිහිපයකට පෙරද ගිනි ගන්නා ලදී. 

Exit mobile version