ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ) මුදලකට අලෙවි වී තිබේ.
මෙය ලොව වැඩිම මුදලකට අලෙවි වූ කෙසෙල් ගෙඩිය ලෙසද සැලකේ.
පසුගියදා පැවැති සදබි වෙන්දේසියට කෙසෙල් ගෙඩියක් රිදී පැහැති ඩක් ටේප් එකකින් බිත්තියට අලවා ඉදිරිපත් කර ඇත. එම කෙසෙල් ගෙඩිය උපහාසාත්මක කලා නිර්මාණ කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන මොරිෂියෝ කැට්ලන්ගේ “කමීඩියන්” නැමැති කලා නිර්මාණය බවට වෙන්දේසිකරුවන් ලංසුකරුවන්ට හඳුන්වා දී තිබෙනවා.
එහිදී චීන ක්‍රිප්ටො කරන්සි ව්‍යවසායකයකු වන ජස්ටින් සන් විසින් මෙම නිර්මාණය අනෙකුත් ලංසු තබන්නන් පරදවමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 කට මිලදී ගෙන තිබිණි.
The short URL of the present article is: https://radioeka.lk/zpv0
No Comment! Be the first one.