Site icon Radioeka

ඉස්ලාම් දේවස්ථාන වල ආරක්ෂාව තර කරයි

The short URL of the present article is: https://radioeka.lk/u3ov

රාමසාන් උත්සව දිනය වෙනුවෙන් ඉස්ලාම් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්  මහතා උපදෙස් ලබාදී ඇත.

ශ්‍රී ලංකා පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිද හමුදා ආරක්ෂක අංශ ඒකාබද්ධව මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

සෑම පොලිස් වසමකම සියලුම ඉස්ලාම්  දේවස්ථාන මව්ලවිතුමන්ලා හමුවී මෙම විශේෂ ආරක්ෂක සැලැස්ම සකස් කර ඇති අතර දිවයින පුරා ඉස්ලාම් දේවස්ථාන 3,203 ක් අතරින් දේව මෙහෙයන් පැවැත්වෙන ඉස්ලාම් දේවස්ථාන ස්ථාන 2,453 කට අවශ්‍ය  ආරක්ෂාව තහවුරු කිරීම සදහා පොලිස් නිලධාරීන් 5,580 ක්, විශේෂ කාර්ය බලකා නිලධාරීන් 510 ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,260 ක් වශයෙන්  7,350 කට අධික ආරක්ෂක භට පිරිසක් යොදවා තිබෙයි.

රාමසාන් දිනය බ්‍රහස්පතින්දා(11) යෙදී ඇත.

(අංජුල මහික වීරරත්න)

Exit mobile version