ආසියානු ක්‍රිකට් ශූරියන් තිදෙනාට අනුලා විද්‍යාලයෙන් හරසර
කාන්තා ආසියානු ශූරියන් ලෙස කිරුළු පැළඳු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනෙක් සඳහා පිළිගැනීමේ උත්සවයක් අද (05) නුගේගොඩ අනුලා විද්‍යාලයේ දී පැවැත්වුණි.
ඒ නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් සිප් සතර හැදෑරු හර්ෂිතා සමරවික්‍රම, හසිනි පෙරේරා සහ කෞෂිනී සෙනවිරත්න යන ක්‍රීඩිකාවන් සඳහා ය.
නුගේගොඩ නගරයේ සිට රථ පෙළ පෙළපාලියකින් අනුලා විද්‍යාලය දක්වා එම ක්‍රිඩිකාවන් තිදෙනාව රැගෙන එනු ලැබීය.
පාසලේ විදුහල්පතිතුමිය සහ ගුරුබවතුන්, ශිෂ්‍යාවන් සහ ආදි සිසුවියන් පාසල ඉදිරි අපිට දී මහත්හරිසරයෙන් එම ක්‍රීඩිකාවන් පිළිගනු ලැබීය.
අනතුරුව මෙම ක්‍රීඩිකාවන් තිදෙනාව ඇගයීම වෙනුවෙන් කුසලාන ප්‍රදානයක් ද මෙහිදි සිදුවුණි.