හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ISIS ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇතැයි වාර්තාවන පසුබිමක, හමුදා නිලධාරීන් ඉවත් කර පොලිස් නිලධාරීන් පමණක් ආරක්ෂාවට යෙදවීමෙන් ඔහුගේ ජීවිතය අවදානමකට ලක්කර ඇති බවට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.
එහි කොළඹ දිස්ත්‍රික් උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසුවේ, අදාළ ප්‍රහාරය පිළිබඳව ලැබී ඇති තොරතුරු මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක ප්‍රධානියා, ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ සොයා බලන කමිටුවට ලිඛිතව දැනුම් දී ඇති බවයි.
රජය ගත් තීරණයක් අනුව ඊයේ (23) සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කර, පොලිස් නිලධාරීන් පමණක් අනුයුක්ත කර තිබෙනවා.
හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවත් කර, ඒ සඳහා පොලිස් නිලධාරීන් පමණක් යොදවන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද සිට ඉවත් කෙරෙනවා.
හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අද සිට ක්‍රියාත්මක වන්නේ, පොලිස් නිලධාරීන් පමණයි.
මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවස අසළ ආරක්ෂාවට එක් පොලිස් නිලධාරියෙකු යොදවා ඇති ආකාරය සහ ආරක්ෂක මුර කුටියේ කිසිවෙකු රාජකාරියේ නොසිටින ආකාරය මෙලෙස දක්නට ලැබුණා.
එහිදී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් උප සභාපති නීතීඥ මනෝජ් ගමගේ සඳහන් කළේ බුද්ධි අංශ වාර්තාවලට අනුව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඉලක්ක කර අයි.එස්.අයි.එස්. සංවිධානයේ බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් ගැනද අනතුරු හඟවා ඇති බවයි.
hirunews.
No Comment! Be the first one.