Radioeka News Education අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සූදානම්
Education Hot News Local News

අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට සූදානම්

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජන්ත මහතා පැවසූවේ අපොස උසස්පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා (31) නිකුත් කිරීමට නියමිත බවයි.

මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 342,888 සහභාගී වූ අතර විභාගය පසුගිය ජනවාරි මස 4 වැනිදා සිට ජනවාරි 30 වැනිදා දක්වා පැවැත්විණි.

කෙසේවෙතත් ගුරුවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම කල්ගිය හෙයින් ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූ බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසීය.

Exit mobile version