Site icon Radioeka

අනතුරක් කර පළායාමට උත්සාහ කළ බස් රථයට ප්‍රදේශවාසීන් විසින්ගෙන් ප්‍රහාරයක්

The short URL of the present article is: https://radioeka.lk/6t1n

කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් මාදම්පේ පැරණි නගරයේදී වෙනත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී යතුරුපැදි 03ක ගැටී අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් පාසල් දරුවෙකු ඇතුළු තිදෙනෙකු අනතුරට ලක්ව ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට සහ මාදම්පේ රෝහල වෙත ඇතුළත් කර ඇත.

අනතුරට පසු පළායාමට උත්සාහ කළ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයට හලාවත මාදම්පේ ප්‍රදේශයේදී ප්‍රදේශවාසීන් විසින් ප්‍රහාරයක් එල්ලකර ඇත.

පසුව නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා මාදම්පේ පොලීසියට අමතරව හලාවත සහ තොඩුවාව පොලිස් ස්ථානවල නිලධාරීන් එම ස්ථානයට කැඳවා තත්ත්වය පාලනය කර රියදුරු සහ කොන්දොස්තරවරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version