පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා.
එම අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.
එමෙන්ම, සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන මුළු සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම මෙහිදී සිදුකරන බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් වැඩිදුරටත් කියා සිටියේ.
මේ අතර සියලුම සහල් මෝල් සඳහා පාරිභෝගික කටයුකු අධිකාරියේ නිලධාරීන් යොදවන බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, සහල් ව්‍යාපාරිකයින් සමග ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
සහල් තොග හා සිල්ලර මිල පහත දැමීමට ජනපති අනුර කුමාර විසින් සහල් ව්‍යාපාරිකයින්ට එහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.
ඒ අනුව, නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් ජනවාතව ලබා දෙන ලෙසටයි ඔහු උපදෙස් ලබා දී ඇත්තේ.
ඒ අනුව, සහල් මිල පහත පරිදි නියම කර තිබෙනවා,
නාඩු සහල් කිලෝවක තොග මිල රුපියල් 225ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 230ක් ලෙසත්,
සුදු කැකුළු කිලෝවක තොග මිල රුපියල් 215ක් ලෙසත්, සිල්ලර මිල 220ක් ලෙසත්,
ආනයනික නාඩු සහල් කිලෝවක සිල්ලර මිල රුපියල් මිල 220ක් ලෙසත්,
සම්බා කිලෝවක තොග මිල රුපියල් 235ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 240ක් ලෙසත්,
කීරි සම්බා කිලෝවක තොග මිල රුපියල් 255ක් ලෙසත්, සිල්ලර මිල රුපියල් 260ක් ලෙසත්, මිල නියම කර තිබෙනවා.
No Comment! Be the first one.