ලී කුඩු මත මල්ලවපොර පුහුණුවීම් කළ පාසැල් යන නෙත්මි අහිංසා ශ්‍රී ලංකා නාමය ඉතිහාසයට එක්කිරීමට ඊයේ (05) සමත් වුවාය.

ඒ, පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලලේ ඇය සහභාගි වූ මල්ලවපොර ඉසව්වකදී පදක්කමක් හිමිකර ගනිමිනි. 

නෙත්මි අහිංසා කාන්තා කිලෝග්‍රෑම් 57 මල්ලවපොර ඉසව්වේ ලෝකඩ පදක්කම සඳහා වූ තරගයට ඊයේ සහභාගී වුවාය.

තරගය ආරම්භයට පෙර විස්තර විචාරකයින් සඳහන් කළේ 18 හැවිරිදි නෙත්මිගේ ප්‍රතිවාදියා වූ අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාව තරගය පහසුවෙන් ජයගනු ඇති බවය.

පාසල් සිසුවියක් වන නෙත්මි තරග ආරම්භයේ සිට අත්දැකීම් බහුල ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඉරීන් සිමියොනිඩිස්ට දැඩි අභියෝගයක් එල්ල කළාය.

නෙත්මි අහිංසා සිය ප්‍රතිවාදී ක්‍රීඩිකාව අභිබවා යමින් 10ට 0ක් ලෙස තරගය පහසුවෙන් ජයගත්තේ මිනිත්තුවයි තත්පර 50ක කාලයක් ඇතුළතය.

නෙත්මි ලබාගත් මෙම ලෝකඩ පදක්කම වාර්තා අතරට එක්වූයේ පොදුරදමඩුළු ක්‍රීඩා උළෙලකදී මල්ලවපොර ඉසව්වෙන් ශ්‍රී ලංකාව හිමිකරගත් පළමු පදක්කම ලෙසය.

එමෙන්ම පොදුරදමඩුළු ක්‍රීඩා උළෙලකදී පදක්කමක් දිනාගත් ලාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙස 18හැවිරිදි නෙත්මි අහිංසා වාර්තා අතරට එක්වුවාය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෙල්පල්ල ග්‍රාමයේ දිවිගෙවන නෙත්මි අහිංසා හයදෙනෙකුගෙන් යුත් පවුලක දෙවන දියණියයි.

තවමත් වෙල්පල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් වන නෙත්මිගේ මල්ලවපොර ක්‍රීඩා දිවියේ මෙතෙක් ආ ගමන්මග එතරම් සුන්දර වුවක් නොවීය.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් අද දෙරණ සමඟ අදහස් දැක්වු නෙත්මි අහිංසා,

“ඇත්තටම ගොඩක් සතුටුයි. බලාපොරොත්තු වුණේ ලෝකඩ පදක්කම නෙමේ. රන් පදක්කම ගන්න.” 

“තාත්තා කරන්නේ පෙදරේරු වැඩ. අම්මා ගෙදර ඉන්නේ. සහෝදරියන් දෙදෙනෙක් සහ සහෝදරයෙක් ඉන්නවා. ආර්ථික අපහසුතා ගොඩක් තිබුණා. අපි පුහුණුවීම් කළේ ලී කුඩු උඩ. අපිට මෙට්ටයක් නැහැ. සම්මේලනය මෙට්ට්යක් දුන්නා. පන්සලේ තිබ්බේ. වැස්සට තෙමෙනවා. ඒ විදියට තමා අපි පුහුණූවීම් කළේ “

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.