ගාලු මුවදොර අරගලකරුවන් විසින් අද (06) නුගේගොඩදී විරෝධතා රැලියක් පැවැත්විය.
ඒ අරගලකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක වන මර්දනය වහාම නතර කරන ලෙස ආණ්ඩුවට බලකරමිනි.
එම රැලිය ඇමතූ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා සඳහන් කළේ ව්‍යවස්ථාදායකයට සහ විධායකයට එරෙහිව දේශපාලන ප්‍රහාරයක් එල්ල කළයුතු බවය.
මර්දනයට, හදිසි නීතියට, ත්‍රස්ථ පනතට හා පැහැර ගැනීම්වලට එරෙහිව යන මැයෙන් දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව අද මෙම රැලිය සංවිධානය කර තිබුණි.
එම රැලිය පැවැත්වුණේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදීය.