හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හදිසියේම මන්නාරම ප්‍රදේශයේ සංචාරයක නිරතවී තිබේ.

පෞද්ගලික හෙලිකොප්ටර් යානයකින් හිටපු මුදල් අමාත්‍යවරයා එලෙස ඊයේ (02) මන්නාරමට පැමිණ තිබුණි.

හෙලිකොප්ටර් යානය ගොඩබැස්වූ ස්ථානයේ රැඳීසිටි මන්නාරම ප්‍රදේශයේ මධ්‍යවේදීන් රවී කරුණානායක මහතාගෙන් ඔහුගේ පැමිණීමට හේතුව විමසා සිටියත් ඔහු ඊට පිළිතුරු නොදී මෝටර් රථයකින් පිටත්ව ගොස් තිබුණි.

කෙසේවෙතත් අප වාර්තාකරුවන් සඳහන් කළේ, මුහුදු ආහාර නිෂ්පාදනය කිරීමේ පෞද්ගලික ආයතනයක පිරිසක් රවී කරුණානායක මහතාව පිළිගැනීමට අදාළ ස්ථානයට පැමිණ සිටි බවය.

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.