අධිකරණ නියෝගයක් කඩකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අරගල ක්‍රියාකාරී රතිඳු සේනාරත්න ව ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණි.
මැයි මස 21වන දින කොළඹ බැංකු මාවත ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් බව එහිදී පොලීසිය පැවසීය.
පසුව කොළඹ අපරාධ කොට්ඨාසය ඔහුගෙන් ඊයේ පැය 03ක පමණ ප්‍රකාශයක් ලබාගෙන තිබුණු අතර සැකකරුට එරෙහිව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ විදෙස් ගමන් තහනමක් ද නිකුත් කර තිබුණි.