කොටිකාවත්ත මුල්ලේරියාව ප්රාදේශීය සභාවේ මන්ත්රීවරයෙක් වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ.
ඒ මුල්ලේරියාව ප්රදේශයේ දී සිදුවූ වෙඩිතැබීමකිනි.
මෙලෙස ඝාතනය වී ඇත්තේ කොටිකාවත්ත ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්රීවරයෙකු වූ සුමුදු රුක්ෂාන් නමැත්තෙකි.
පොලීසිය සඳහන් කළේ අද (02) සවස ඔහු ඉලක්ක කර මෙම වෙඩිතැබීම සිදුව ඇති බවය.
මන්ත්රීවරයා මුල්ලේරියාව බැංකු හංදිය ආසන්නයේ රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයන් දෙදෙනකු විසින් එම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවටද තොරතුරු හෙළිවී ඇත.
වෙඩි තැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති අතර පොලීසිය විමර්ශන සිදුකරයි.