කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට පහසුකම් සපයමින් සිකුරාදා දින රජයේ කාර්යාල විවෘත නොකිරීමට ගෙන තිබු තීරණය අවලංගු කර තිබේ.
ඒ අනුව 2022 ජූනි 15 වන දින අංක 15/2022 දරණ චක්‍රලේඛය එලෙස අවලංගු කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
මේ වනවිට පොදු ප්‍රවාහන සේවා යථා තත්ත්වයට පත්ව තිබීමත්, කෘෂිකාර්මික කටයුතු සඳහා වන මුලික ක්‍රියාකාරකම්වල යෙදීමට ප්‍රමාණවත් කාලයක් ලැබී තිබීම සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ එම යෝජනාවට අනුමැතිය හිමිව ඇත.