නෝටන්බ්‍රිජ් ටැප්ලෝ ප්‍රදේශයේ පස් කන්දක් නායයාමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.
ඊයේ (01) උදෑසන මෙම නායයාම සිදු වී ඇති අතර නිවාස දෙකක් සම්පූර්ණයෙන් හානියට පත් වී ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සහ යුද හමුදාව විසින් සෝදිසි කිරීම් සිදුකර පස් කන්දට යටවු පුද්ගලයාගේ මෘත ශරීරය සොයා ගෙන ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ පස් කන්දට යට වු එක් නිවසක සිටි 39 හැවිරිදි පුද්ගලයෙකි.
නායයාම හේතුවෙන් පවුල් 8ක පුද්ගලයින් 17 දෙනෙකු අවතැන් වී ඇත.
ඔවුන් නෝටන්බ්‍රිජ් විහාරස්ථානයේ නවාතැන් පහසුකම් සලසා දී තිබේ.