සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නියෝගයක් නිකුත්කර තිබේ.

කොළඹ කොටුව පොලිස් බලප්‍රදේශය තුළ අයුතු ජනරාශියක සාමාජිකයන් වශයෙන් කටයුතු කිරීම ඇතුළු චෝදනා මත කොටුව පොලිසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් ලෙස නම් කර ඇති මොවුන් විදේශගතවීමේ අවදානමක් ඇති බවට පොලිසිය අධිකරණයට දන්වා ඇත.

එම දැනුම්දීම සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්කර තිබේ.

 ඒ අතර  රතිදු සේනානායක හෙවත් (රැට්ටා)  නැමැත්තා  ප්‍රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ   කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බව  පොලිස් ආරංචි මාර්ග පවසයි.

අරගල මෙහෙයවීම සම්බන්ධයෙන්  සිදුකරන  විමර්ශනයකට  අදාල   ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසට කළ දැනුම් දීමකට අනුව   රැට්ටා  පස්වරු 3.50 ට පමණ එහි පෙනී සිටියේය.

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.