QR ක්‍රමවේදයට ඉන්ධන ලබාදීමේ ක්‍රියාවලිය අසාර්ථක බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පවසයි.

ඔහු පවසන්නේ, ත්‍රීරෝද රථවලට ලැබෙන ඉන්ධන ලීටර් 05 ප්‍රමාණවත් නොවන බවය.

මෙම නව ක්‍රමය සඳහා මේ වනවිට ලක්ෂ එකොලහක් ත්‍රීරෝද රථ ලියාපදිංචි කර ඇති නමුත්, වෘත්තියක් ලෙස ත්‍රීරෝද රැකියාවෙහි යෙදෙන්නේ රියැදුරන් ලක්ෂ 7.5ක් බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ හේතුවෙන් රැකියාවක් ලෙසින් ත්‍රීරෝද රථ ධාවනයේ නියැලෙන්නන් අපහසුතාවට ලක්ව ඇති බවත්, රැකියාවක් ලෙසින් ත්‍රීරෝද රථ ධාවනය නොකරන ලක්ෂ 11 ඉවත් කර ලක්ෂ 07කට පමණක් ඉන්ධන ලබාදෙන්නේ නම්, සතියකටම ලීටර් 15ක් අවම වශයෙන් තමන් ඇතුළු පිරිස ලබාදිය හැකි බවයි හෙතෙම පැවසුවේය.

පොලිස් වසම් අනුව ඉන්ධන පිරවුම්හල නම් කිරීම අසාධාරණ ක්‍රමයක් බවත්, ත්‍රීරෝද රථ වෘත්තිකයින් නොවන සමාජ විරෝධී කටයුතු සිදු කරන පිරිසක් විසින් ඉන්ධන කූඨ ලෙසින් විකුණන බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසිය.

එබැවින් තෙල් වංචාව සමස්ත ත්‍රීරෝද රථ රියදුරන්ට එල්ල නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.