පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටින බවට මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟ මෙම තීරණය ගෙන ති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි.
පැමිණිලි ලැබීමත් සමඟ ඉස්ලාමාබාද් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයට හදිසියේ කඩා පනිමින් භෝජනාගාර පරීක්ෂාවට ලක් කළ බවත්, ඉන්පසු ඔවුන් භෝජනාගාර මුද්‍රා තැබීමට තීරණය කළ බවත් එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
සිදු කළ වැටළීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාධ්‍ය වෙත පවසා ඇත්තේ මුද්‍රා තැබූ එම භෝජනාගාර දෙකම ඉතාමත් අපිරිසුදු තත්ත්වයෙන් පැවැති බවයි.