අප්‍රිකාවෙන් පිට පළමු වඳුරු උණ මරණ වාර්තා වුයේ ස්පාඤ්ඤයෙන් සහ බ්‍රසීලයෙනි.

අප්‍රිකාව තුළ වසංගත මට්ටමක ව්‍යාප්ත වෙමින් පැවති වඳුරු උණ වෛරසය පසුගිය මැයි මාසයේ එක්සත් රාජධානියෙන් හඳුනාගැණුනි.

එතැන් පටන් ලොව රටවල් 78ක් වෙත එම වෛරසය පැතිරගොස් ඇති අතර අද වනවිට අප්‍රිකාවෙන් පිටතදී වාර්තාවී ඇති වඳුරු උණ ආසාදිතයින් ගණන 18,000 කට අධිකය.

පවතින අවදානම හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එය ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නම් කළේය.

ස්පාඤ්ඤය මිය ගිය පුද්ගලයාගේ තොරතුරු අනාවරණය කර නොමැති අතර වඳුරු උණ වැලඳී බ්‍රසීලයේදී මියගොස් ඇත්තේ 41 හැවිරිදි පුද්ගලයෙකි.

බ්‍රසීල ආරංචි මාර්ග පවසන්නේ, ඔහුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල මට්ටමක පැවති බවය.

Avatar

Written by:

Leave a Comment

Your email address will not be published.